COVID-19 වසංගත තත්ත්වය හේතුවෙන් මහජනතාව ඒකරාශි වීම වැලැක්වීම සදහා සමාගම් රෙජිස්ට්‍රාර් ජෙනරාල් දෙපාර්තමේන්තුව සේවාලාභින්ගේ අවශ්‍යතා පිළිබද සලකා බලා අත්‍යවශ්‍ය සේවාවන් කිහිපයක් ඉටු කර දිම වෙනුවෙන් මේවන විටත් මහජන සේවාවන් ලබා දිමට කටයුතු යොදා ඇත.
COVID-19 වසංතයට අදාළව සෞඛ්‍ය අංශ විසින් පනවා ඇති නියම හා රෙගුලාසි අනුව ඉතා සිමිත කාර්යය මණ්ඩලයක් රාජකාරි කටයුතු සදහා යොදවා ඇති බැවින් අත්‍යාවශ්‍ය සේවාවන් ඉටු කර ගැනිම සදහා පමණක් මහජන කවුලුවක් විවෘත කර ඇති අතර ඔබ විසින් මුදල් ගෙවිමේ කටයුතු සදහා අප දෙපාර්තමෙන්තුව වෙත පැමිණෙන්නේ නම් පස්වරු 12.00ට ප්‍රථමයෙන් පැමිණ අදාළ ටොකන් අංකය ලබා ගන්නා ලෙස ඉල්ලා සිටිමු.
බෙහෝ දෙනෙකුගේ රැස්විම වැලැක්විම හේතුකොට ගෙන ප්‍රමාද වි පැමිණෙන අය සදහා ඇතුල් විමට නොහැකි විය හැකි බවත් වැඩිමනත් වශයෙන් දන්වා සිටිමු. මෙම මහජන සේවාවන් ලබා ගැනිම සදහා සතියේ දිනවල පමණක් පෙරවරු 9.30 සිට පස්වරු 2.00 දක්වා කටයුතු යොදා ඇත. එසේ සේවා ලබා ගැනිම සදහා පැමිණිමේදි COVID-19 වසංතයට අදාළව සෞඛ්‍ය අංශ විසින් පනවා ඇති නියම හා රෙගුලාසි අනුව ඔබ විසින් කටයුතු කළ යුතු වේ
අවසන් යාවත්කාලීන කිරීම :